අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඩෙනිස් ෆිෂර් විසින් රචිත ලිපි

අත්හැර ඇතැයි යන හැඟීම

සී. එස්. ලුවිස් ඔහුගේ ස්කෲටේප් ලෙටර්ස් නැමති පොතෙහි ජේ්‍ෂ්ඨ යක්ෂයෙකු සහ කණිෂ්ඨ යක්ෂයෙකු අතර ඇතිවන මනඃකල්පිත සාකච්ඡාවක් සටහන් කරයි. කිතුනුවෙකු හරියාකාරව පරික්ෂාවට පොළඹවන්නේ කෙසේදැයි ඔව්හු කථා කරති. යක්ෂයන් දෙදෙනා දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයා තුළ ඇති ඇදහිල්ල විනාශ කිරීමට මාන බලයි. ජේ්‍ෂ්ඨ යක්ෂයා කණිෂ්ඨ යක්ෂයාට මෙසේ පවසයි. "රැවටෙන්න එපා. මිනිසෙකු විශ්වය වටා බලා දෙවියන්වහන්සේගේ ඡයාවක්වත් නැති බව පෙනී, දෙවියන්වහන්සේ මා අත්හැරියේ ඇයි…

දෙවියන්වහන්සේගේ මහිමය

12 වන සියවසේ චීන චිත‍්‍ර ශිල්පී ලී ටෑන්ග් සෙනඟ, කුරුල්ලන්, සහ මීහරකුන්ගෙන් සජීවීවූ භූමිතලයන් චිත‍්‍රයට නැගීය. සිල්ක් රෙදිමත සියුම් රේකා යොදා කරන ලද ඔහුගේ අනගි චිත‍්‍ර නිසා ලී ටෑන්ග් චීන භූමිතල සිතුවම් කලාවේ නිපුණයෙකු ලෙස ගණන් ගැනේ. සියවස් ගණනාවක සිට ලොව වටා කලාකරුවන්, දෙවියන්වහන්සේගේ මැවිල්ල නැමති කලාගාරයේ ඔවුන් දකින දේ චිත‍්‍රයට නගති. "අහස දෙවියන්වහන්සේගේ මහිමය ප‍්‍රකාශ කරයි. ගුවන් තලයද උන්වහන්සේගේ…

විශ්වාසවන්ත සේවය

පළමු ලෝක යුද්ධයේ සේවය කළ සී. එස්. ලුවිස් හමුදා සේවයේ අමාරුකම්වලට අමුත්තෙකු නොවීය. දෙවන ලෝක යුද්ධ කාලයේ ප‍්‍රසිද්ධ දේශනාවකදී ඔහු චතුර ලෙස කියා සිටියේ සොල්දාදුවෙකු මුහුණ දෙන කම්කටොලු ගැනය. "ක‍්‍රියාකාරී සේවයේ නිරත හමුදා භටයෙකුගේ ජීවිතයේ අප බිය වන සියලු වර්ගවල කරදර එකතුවී ඇත. රෝගයකදී මෙන් එය වේදනාව සහ මරණ තර්ජන ගෙන එයි. දරිද්‍රතාවය මෙන් එය සිටීමට තැනක් නොමැතිවීම, ශීතල, උෂ්ණය,…

කිසිදින ඉගෙනීම නොනවත්වන්න

ෂෙරිල් බොහෝ පොත් කියවන්නියකි. අන් අය රූපවාහිනිය නරඹමින් හෝ වීඩියෝ ක‍්‍රීඩා කරමින් සිටින විට ඇය පොත් පිටුමත ගැඹුරින් නිමග්නව සිටින්නීය. මේ ජ්වලිතකමින් වැඩි ප‍්‍රතිශතයක් ඇයගේ කුඩා කාලයට දිව යයි. ඇයගේ පවුලේ අය, පොත් සාප්පු හිමියන්වූ මාමා සහ නැන්දා කෙනෙකු බැලීමට බොහෝ විට ගියෝය. එහිදී ෂෙරිල් ඇයගේ මාමා වන එඩ්ගේ ඔඩොක්කුවේ වාඩිවන්නීය. ඔහු පොත් කියවමින් එ්වායෙහි තිබූ රුචිය සහ මනහරත්වය ඇයට…

වේදනාවේ පාසැල

වේදනාවේ ගැටළුව නැමති තම ග‍්‍රන්ථයෙන් සී. එස්. ලුවිස් නිරීක්ෂණය කරන්නේ, අපගේ විනෝදකාලයන්හිදී දෙවියන්වහන්සේ අපට මුමුණන බවත්, අපගේ හෘද සාක්ෂියට කථා කරන බවත් අපගේ වේදනාවලදී මොරදෙන බවත්ය. බිහිරි ලෝකය ප‍්‍රාණවත් කරන උන්වහන්සේගේ ශබ්ද විකාශනය එයයි. බොහෝ විට අපගේ අවධානය වෙනතකට හැරවීමට වේදනාව උපකාර කරයි. එය අපගේ සමීප අවස්ථාවලින් අපගේ සිතිවිලි ඉවත් කර දෙවියන්වහන්සේ අප ජීවිත වල කරන කාරණා වලට සවන්දීමට අප යොමු…